වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය  

Posted by Left Srilanka

වී. අයි. ලෙනින්

වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය

1

දේශපාලන කාර්ය කොටසක් ඉටු කිරීමට ඉදිරිපත් වන මහාර්ථයක් ලෙසට හෝ “වාම කොමියුනිස්ට්වාදී” කන්ඩායම එහි “වර්තමාන තත්වය ගැන ප්‍රවාද” ඉදිරිපත් කර තිබේ. තමන්ගේ උපක්‍රම වලට මුල්ගල් වන ප්‍රතිපත්ති ගැන ගැලපීමෙන් යුතු සම්පූර්න විස්තරයක් කිරීම හොද මාක්ස්වාදී පුරුද්දකි. අපගේ “වාම” වාදීන් කරන වරද හෙලිදරව් කිරීමට මෙම පුරුද්ද ආධාරකාරී වී තිබේ. මක්නිසාද යත්, වාග් ප්‍රහාරයට නොව තර්කනයට ප්‍රයත්න දැරූ පමනින්ම ඔවුන්ගේ තර්කයෙහි දුර්වලකම හෙලිදරව් වන හෙයිනි.

ප්‍රතමයෙන්ම අයෙකුගේ අවධානයට ලක් වන්නේ, බ්‍රෙස්ට් සාම ගිවිසුම අත්සන් කිරීම හරිද යන පැරනි ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්නට ලැබෙන ව්‍යංගාර්ථයන්, ඉඟිකිරීම් හා මගහැරීම් බහුල බවය. එම ප්‍රශ්නය එක එල්ලේ ඉදිරිපත් කිරීමට තරම් “වාම” වාදීහු එඩිතර නොවෙති. ඔවුහූ විකට ලෙසින් දනිපනි ගාති; තර්ක පිට තර්ක පටවති; කරුනු සොයා අතපත ගාති; “එක් අතකින්” එසේ විය හැකි නමුත් “අනිත් අතින්” එය එසේ විය නොහැකි යයි කියති; ඔවුන්ගේ සිතුවිලි සියළු සහ නියමයක් නැති මාතෘකා වටා දිවෙති; ඔවුහූ තමන් ආත්මාභිභවනයෙහි යෙදුනු නොදැකීමට සෑම මොහොතකම වෙහෙසෙති. සංඛ්‍යා විස්තර උපුටා දැක්වීමට තරම් “වාම” වාදීහු සුපරීක්ෂාකාරී වෙති. පක්ෂ සම්මේලනයේදී සාමයට විරුද්ධව ඡන්ද දොළහකි, පක්ෂව ඡන්ද විසි අටකි. නමුත් සෝවියට් සභා සම්මේලනයේ බොල්ෂෙවික් කන්ඩායමේ දී දෙන ලද සිය ගනනක් ඡන්දවලින් ඔවුන්ට ලැබුනෙ‍් දහයෙන් එකකටත් වඩා අඩු සංඛ්‍යාවක් බව සදහන් කිරීම, ඔවුන් සුපරීක්ෂාකාරී ලෙස මග හරිති. සාමය කරගහගෙන සිටින්නෙ‍් “විඩාපත් සහ පංතියෙන් පිට දැමුනු කොටස්” වන අතර “ආර්ථික ජීවනයේ වැඩි ජීවබලයක් ඇති පාන් සැපයුම වඩාත් විශ්වාසදායක වන දක්ෂින ප්‍ර‍ාන්ත වල කම්කරුවෝ සහ ගොවියෝ” ඊට විරුද්ධ වූහයි කියන “න්‍යායක්” ඔවුන් විසින් නිර්මානය කරනු ලැබ ඇත. . . . මෙය අසා සිනාසීම අයෙකුට කලහැකි වෙනත් යමක් තිබේද? සාමයට පක්ෂව සමස්ත උකෙ‍්‍රනියා සෝවියට් සභා සම්මේලනයේදී දෙන ලද ඡන්දය ගැනවත්, සාමයට විරුද්ධ රුසියාවේ නියම සුළු ධනපති සහ පංතියෙන් පිට දැමුනු (වාම සමාජවාදී-විප්ලවවාදී පක්ෂය) දෙ‍්ශපාලන ලටපටයේ සමාජ සහ පංති ස්වභාවය ගැන වචනයක්වත් නැත. ඔවුහූ සිනහා උපදවන “විද්‍යාත්මක” විස්තරයන් කිරීමේ මාර්ගය උපයෝගී කරගනිමින්, අන්ත ළදරු ගතියක් පාමින් තමන්ගෙ‍්ම බංකොලොත් භාවය සගවා ගැනීමට, සත්‍ය කරුනු වසන් කිරීමට උත්සාහ දරති. විප්ලවවාදී සුළු ධනපති වදන්මාලා වල දවටා ඉදිරිපත් කල සටන් පාඨ මගින් සාමයට විරුද්ධ වූයෙ‍් පක්ෂයෙ‍් බුද්ධිමත් “සාරය” නැතහොත් අග්‍රයන්ම බවත්, සාමයට රුකුල් දුන්නෙ‍් කම්කරුවන්ගෙන් සහ සූරා කනු ලබන ගොවීන්ගෙන් සැදුනු පොදු ජනතාවම බවත්, හුදෙක් සත්‍ය කරුනු සමාලෝචනය කළ පමනින්ම පෙනී යනු ඇත.

එසෙ‍් වී නමුත්, යුදධය හා සාමය පිලිඹද ප්‍රශ්නය ගැන වූ “වාම” වාදීන්ගෙ‍් ඉහත සදහන් සියළුම ප්‍රකාශයන් හා මගහැරීම් මද්‍යයෙ‍්ම, සරල හා පැහැදිලි සත්‍යය එලි දකින්නෙ‍්ය. “ලෝක පරිමානයෙන් ගනුදෙනු බේරුම් කර ගැනීමට අධිරාජ්‍යවාදීන් දරන ප්‍රයත්න තාවකාලික වශයෙන් දුර්වල වීමක් සාමය ඇති කර ගැනීම නිසා ඇති වූ බව” පිලිනොගෙන සිටීමට ප්‍රවාද වල කතුවරුන්ට නොහැකි විය. (“වාම” වාදීන් මෙය වැරදි ලෙස වදන් ගත කර ඇති නමුත්, මෙය වැරදි හැදීමට තැන නොවේ.) “සාමය ඇති කර ගැනීම නිසා, දැනටමත් අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැටුම තවත් උග්‍රවීමට හෙ‍්තු වී ඇත.”

මෙය සත්‍යයකි. තීරනාත්මක වැදගත්කමක් සහිත දෙයක් මෙහි ඇත. සාමය ඇති කර ගැනීමට විරුද්ධ වූ අය, නොදැනුවත්වම අධිරාජ්‍යවාදීන් අත කෙළි බඩු වූ බවත්, අධිරාජ්‍යවාදීන් ඇටවූ උගුලට ඔවුන් හසු වූ බවත් කියන්නෙ‍් එහෙයිනි. මන්දයත්, එක් රටක් (විශෙ‍්ෂයෙන්ම, නොදියුනු රටක්) ජයග්‍රහනය කරගත් සමාජවාදීන්ගෙ‍් සෘජු යුතුකම, ලෝක සමාජවාදී විප්ලවය හටගන්නා තෙක්, එය රටවල් කීපයකම පැතිරගොස් ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය මැඩලීමට තරම් ශක්තිමත් වන තෙක්, අධිරාජ්‍යවාදී දැවැන්තයන්ට විරුද්ධව සටන පිළි නොගැනීම වන හෙයිනි. ඔවුන්ගෙ‍් යුතුකම වන්නෙ‍් සටන මගහැරීමට උත්සාහ දැරීමය; අධිරාජ්‍යවාදීන් අතර ගැටුම නිසා ඔවුන් තව දුරටත් දුර්වල වනතෙක් සහ වෙනත් රටවල විප්ලව තව තවත් ආසන්න වන තෙක් සිටීමය. ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස වලදී අපගෙ‍් “වාම” වාදීන්ට මෙම සරල සත්‍යය වැටහුනෙ‍් නැත. දැන් වුවද, එය විවෘත ලෙස පිලිගැනීමට ඔවුහූ බිය වෙති. නමුත් “එක් අතකින් පාපොච්චාරනය කළ යුතුය; අනෙක් අතින් අයෙක් පිලිගත යුතුය” යනාදී වශයෙන් වූ ඔවුන්ගෙ‍් මුළු අවුල් තර්කනයෙන්ම එම සත්‍යය දහවල් එලියට ඇදෙන්නෙ‍්ය.

“වාම” වාදීහු ඔවුන්ගෙ‍් ප්‍රවාද වල මෙසෙ‍් ලියති:

“ලබන වසන්තයෙ‍්දී සහ ගිම්හානයෙ‍්දී අධිරාජ්‍යවාදී ක්‍රමයෙ‍් බිදවැටීම ආරම්භ විය යුතුය. යුද්ධයෙ‍් වර්තමාන අධියරේදී ජර්මන් අධිරාජ්‍යවාදය ජය ලැබුනහොත් එයින් සිදුවිය හැක්කෙ‍් බිදවැටීම කල්යාමක් පමනි. නමුත්, එසෙ‍් වුවහොත් බිදවැටීම තව තවත් උග්‍ර අයුරින් සිදුවනු ඇත.”

මෙම වදන් ගත කිරීමෙන්, විද්‍යානුකූල වීමේ ක්‍ර‍ීඩාව කරනු ලැබෙතත්, එය වැඩි වැඩියෙන්ම ළදරු කම පාන සෙ‍් වැරදි සහගත වේ. විද්‍යාව යනු “බිද වැටීම ආරම්බ විය යුතු” වර්ෂයත්, ඒ වසන්තයෙ‍්ද, ගිම්හානයෙ‍්ද, සරත් සමයෙ‍්ද, නැතහොත් ශීත කාලයෙ‍්ද යනුත් තීරනය කිරීමෙහි තමන් සමත් බව ළදරුවන් විසින් වටහා ගැනීම ස්වභාවිකය.

මේවා නම්, නිශ්චය කළ නොහැකි දෙ‍් නිශ්චය කිරීමට දරන නිරර්ථක ප්‍රයත්නයන්ය. “ක්‍රමයක” මෙම හෝ අනිත් බිද වැටීම “ආරම්භ විය යුත්තෙ‍්” කවදාද යනු, බරපතල ලෙස සිතන කිසිම දෙ‍්ශපාලනඥයෙක් කිසි කලෙකත් නොකියනු ඇත. ( ක්‍රමයෙ‍් බිද වැටීම දැනටමත් ආරම්භ වී තිබෙන අතර, දැන් ප්‍රශ්නය වී තිබෙන්නෙ‍් එක් එක් රටවල විප්ලවය හටගැනීම ඇරඹෙන්නෙ‍් කුමන අවස්ථාවේද යන්න වන හෙයින් විශෙ‍්ෂයෙන්ම අයෙක් එසෙ‍් නොකියනු ඇත.) නමුත් ළදරුවකු ලෙසින් කරන අසරන වදන් ගත කිරීම තුලින් මතුවී ඉදිරියට එන සත්‍යයක්වේ. එය නම්, වෙනත්, වඩාත් දියුනු රටවල විප්ලවීය දෙදරා යාම් දැන්, “විවේකය” ඇරඹී මාසයක් ගතවීමෙන් පසුව, මාසයකට හෝ සති හයකට පෙර තිබුනාට වඩා ආසන්න වී තිබෙන බවය.

මෙයින් වැටහෙන්නෙ‍් කුමක්ද?

මෙයින් වැටහෙන්නෙ‍් සාමයට රුකුල් දුන් අය සම්පූර්නයෙන්ම නිවැරදි බවත්, ඔවුන් ගත් ස්ථාවරය සාධාරන බව සිද්ධි මාර්ගය අනූව පෙනී ගොස් ඇති බවත්ය. සමාජවාදය තවමත් දුර්වලව තිබෙන කල, සටනින් වාසි ලැබෙන්නෙ‍් සමාජවාදයට විරුද්ධ අයට බව පැහැදිලිව පෙනෙන විට, අයෙක් බල තුලනය තක්සෙ‍්රු කර බැලිය යුතු යයිද සමාජවාදයට විරුද්ධව අධිරාජ්‍යවාදීන් කරන සටන පහසු කිරීමෙන් ඔවුන්ට ආධාර නොකල යුතු යයිද, නුවුමනා වීරත්වය පෑමට ආශා කරන අයගෙ‍් සිත් තුලට කාවැද්දීමෙන් සාමයට පක්ෂවූවන් කළෙ‍් නිවැරදි දෙයකි.

එසෙ‍් වුවද, තමන් “නිර්ධන පංති” කොමියුනිස්ට්වාදීන් යයි කියා ගැනීමට රුචිවන අපගෙ‍් “වාම” කොමියුනිස්ට්වාදීහු, ඔවුන් තුල ඇති නිර්ධන පංතිභාවය ඉතා අල්ප සහ සුළු ධනපති කම ඉතා අධික නිසා, බල තුලනය ගැන සිතීමට හෝ එය තක්සෙ‍්රු කිරීමට හෝ සමත් නොවෙති. මෙය මාක්ස්වාදයෙ‍් සහ මාක්ස්වාදී උපක්‍රමවල අරටුව වෙතත්, “අරටුව” වටේ යන ඔවුහූ පහත සදහන් වැනි “ආඩම්බර” වදන් දෙසති:

“. . . අක්‍ර‍ීය “සාමයක චින්ත ස්වභාවය” පොදු ජනතාවගෙ‍් සිත් තුලට තදින් කාවැදී තිබීම, පවතින දෙ‍්ශපාලන තත්වයෙ‍් වාස්තවික තත්වයකි. . .”

මෙය මානික්‍යයකි! හුදු වදන් නිර්මානය දක්වා කිසි කලෙකත් පහත නොවැටුනු සෝවියට් බලයෙ‍් නිවැරදි උපක්‍රම වලට ස්තූති වන්නට, ජනතාව, මහත් වේදනාකාරී සහ ප්‍රතිගාමී යුද්ධයෙ‍් තුන් අවුරුද්දකින් පසුව ඉතාමත් කෙටි, ආරක්ෂා රහිත සහ කොහෙත්ම ප්‍රමානවත් නොවන විවේකයක් ලබා ගත්හ. එසෙ‍් නමුත්, ආත්ම මෝහනයට පත් නර්ට්සිස්2 කෙනෙකුගෙ‍් උදාරම් කමක් පාමින් “වාම” බුද්ධිමත් කොලු ගැටයෝ “අක්‍ර‍ීය (!?) සාමයක චින්ත ස්වභාවය පොදු ජනතාවගෙ‍් (!??) සිත් තුලට කාවැදී තිබීම (!!!)” ගැන ගාම්භීර ලෙස කථා කරති. “වාම” වාදීන්ගෙ‍් පත්‍රයට, නැතහොත්, සඟරාවට දිය යුතුව තිබුන නම “කොමියුනිස්ට්” නොව “ෂ්ල්‍යහ්තිචි (පෝලන්ත වංශවතෙකි)” යන්න බව පක්ෂ සම්මේලනයෙ‍්දී මා කීවා නිවැරදි නොවේද?

වෙහෙසෙන සහ සූරාකනු ලබන ජනතාවගෙ‍් චිත්ත ස්වභාවය සහ ජීවන තත්වයන් ගැන මදකදු වැටහීමක් ඇති කොමියුනිස්ට්වාදියෙකුට, “සාමයක චින්ත ස්වභාවය” “අක්‍ර‍ීය” බව කියන සහ කාඩ්බෝඩ් කඩුවක් වැනීම “ක්‍ර‍ියාකාරීත්වය” යයි සිතන වංශවතෙකුගෙ‍්, නැතහොත් ෂ්ල්‍යහ්ති මානසික දැක්මක් ඇති හා නියම වශයෙන්ම පංතියෙන් පිටත දැමුනු සුළු ධනපති බුද්ධිමතාගෙ‍් අදහස් දක්වා පහත වැටෙන්නට හැකිද? උකෙ‍්‍ර‍නියාවේ යුද්ධයෙන් වැඩිදුරටත් ඔප්පු වූ පරිදි තුන් අවුරුද්දක ඝාතනයෙන් අන්ත විඩාවට පත්ව සිටින ජනතාවට විවේකයක් නැතිව දිගටම සටන් කළ නොහැකි බව නොතකා හරින අපගෙ‍් “වාම” වාදීන් එයින් කරන්නෙ‍් කාඩ්බෝඩ් කඩුවක් වැනීමය. තවද එම යුද්ධය ජාතික පරිමානයෙන් සංවිධානය කල නොහැකි නම්, එයින් බොහෝ විට ඇති වන්නෙ‍් නිර්ධන පංතියෙ‍් අයෝමය විනය නොව, සුළු දෙ‍්පල හිමියන්ට විශෙ‍්ෂ වූ බිදී විසිරී යාමේ චින්ත ස්වභාවයකි. අපගෙ‍් “වාම” වාදීන්ට නිර්ධන පංතියෙ‍් අයෝමය විනය ගැන හා එය ඇති කරගන්නෙ‍් කෙසෙ‍්ද යන්න ගැන, කිසිම වැටහීමක් නොමැති බවත්, පංතියෙන් පිටත දැමුනු සුළු ධනපති බුද්ධිමතාගෙ‍් චිත්ත ස්වභාවය ඔවුන් තුලට තදින් කාවැදී ඇති බවත් “කොමියුනිස්ට්” සඟරාවේ සෑම පිටුවකින්ම පෙනෙ‍්.


සටහන්

[2] ග්‍ර‍ීක පුරානයෙ‍් කඩවසම් තරුනයෙකි. ඔහු ජලය මත පතිත වූ තම පිළිබිඹුවට අ‍ාලය කළෙ‍්ය. මෙම යෙදුම යෙ‍ාදන්නෙ‍් තමාටම අ‍ාලය කරන්නන් හුවා දැක්වීම සදහාය.

This entry was posted on 10:11 PM . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments